Wednesday, May 19, 2010

සින්ඩි කරන එවුන් පොරවල් ද?

හරි ඉතින් උන් හොඳ වැඩක් තමා කරන්නෙ. ඒත් ඉතින් එකෙන් පොරවල්ල වගේ හෙන පඩේ දාන එක තමා පොඩි කේස් එකකට තියෙන්නෙ. උන් අපිට සද්ද දාන්නෙ අපි කිව්වද සින්ඩි කරපන් කියල. හෙන කෙලියක්නෙ යකෝ.
අපි බ්ලොග්ස් ඇඩ් කලේ නැත්නම් සින්ඩි දාල පුකද පෙන්නනෙ. මේක නිකන් අර කන්න සල්ලි දෙන මිනිස්සුන්ට බස් කොන්දොස්තරල සද්ද දාන්ව වගේ වැඩක් විදිහටයි මට නම් පේන්නෙ.
සිංහල යුනියන් එකේ නීති වැඩියි කියල ඔන්න පොරවල්ල සෙට් එකක් සිතිවිල්ලක් පටන් ගත්ත. අවුලක් නෑ එහෙම තමා තියෙන්න ඕනෙ. සිංහල බ්ලොග් එක සින්ඩියක් විතරක් තිබිල මොනා කරන්නද.
ඊළඟ සීන් එක තමා උන් දෙගොල්ල හරි හොඳට එකට වැඩ කරන්ඩ කැමතියි වගේ අපිට පෙන්නන එක.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයි අර අනුරාධපුර කාරය (ඌට කොහොමත් පොඩි අවුලක් තියෙනවා) ඌත් සින්ඩියක් පටන් අරන් හික්.
කමක් නෑ ඌ ඉතින් අපිට වැඩි වදයක් දුන්නෙ නෑ නෙ කාලිංගයත් එක්ක පොඩි සීන් එකක් ගියා විතරනෙ.
අර ශ්‍රීවව් කියල ගෙම්බො ටිකක් නං පුදුම වදයක් දෙන්නෙ. හැම තැනම කොමෙන්ට් දදා යනව උන්ගෙ කෙමනට යන්ඩලු. යකෝ අපිට වෙන වැඩ නැද්ද??

Tuesday, May 18, 2010

කාලෙන් කාලෙට පොරවල් එනව යනව

මම මේ කියන්ඩ හදන්නෙ සින්ඩි වල දැකපු බ්ලොග්ස් ලියන එවුන් ගැන. ඔන්න කාලෙකට පොරක් ඇවිල්ල ලියාගෙන ලියාගෙන යනව සෝඩ බොතලෙ වගේ. ඊට පස්සෙ ටික කාලෙකින් මිනිහ නෑ. දැන් එහෙම කීදෙනෙකුට නම් උනාද. අවුලක් නෑ ඉතින් එහෙම උනත්. එකාගෙම පම්පොරි අහන්වට වඩා හොඳයි ඒ විදිහත්. මට වෙලාවකට හිතෙනව නිකන් වගේ. ඔය සමහර ඩයල් ඉන්නවනෙ බ්ලොග් වල මරාගන්න. ඔය ගහගන්න එවුන් දෙන්නම එකෙක් වෙන්න බැරිද.
තව වැඩක් තියෙනව බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න. අන්න ඒක තමා මම දැන් කරන්න යන්නෙ. මුලින්ම බබා වගෙ බ්ලොග් එකක් ලියනව මෙන්න මේ විදියට. නිකන් කියවන කට්ටියට දුක හිතෙන්න. ඊට පස්සෙ සින්ඩි වල තියෙනව හැම එකාගෙම බ්ලොග් වලට ගිහිල්ල කොමෙන්ට් දානව "ඔයා ලියල තියෙනව මරු" වගේ.
ඔකුනුත් ඉතින් ඔය ප්‍රොෆයිල් එක බලල එනව බ්ලොග් එකට. ඇවිල්ල ඉතින් මරු මරු කියල දාල ඔය කොහෙ හරි ඉන්න එවුන්ට බැනල සින්ඩි කරන එවුන්ට දන නමස්කාර කරල යනව.
නිකම්ම බ්ලොග් එක හිට්. වෙන මොනවද ඉතින් පස්සෙ කියනව මගෙ බ්ලොග් එක හෙන හිට් තොග ගානක් ඇවිල්ල කියල. බැලින්නම් එකත් නිකන් අර කලාකාරයො කියන්නෙ අපි හෙන ඉන්ටර්නැශනල් කියල. උන් වෙන රටවල් වල ගිහිල්ල ලංකාවෙ ඉඳන් ආපු එවුන්ට මියුසිකල් ශෝ පෙන්නල එනවනෙ. ඇවිල්ල පොර ටෝක් දෙනව.
ඕකමනෙ මෙතනත් වෙලා තියෙන්නෙ. බ්ලොග් ලියන සෙට් එක එකතු වෙල තම තමන්ගෙ එව්ව පෙන්නගෙන කොමෙන්ට් දාගෙන හෙන පඩේ.

මගේ පළමු ලිපිය

හොඳයි ඉතින් මොනව හරි ලියපන්කො පටන් ගත්තනම්. මේක නිකං හොල්මං වගේ නේ. මම සිංහලෙන් මට හිතෙන එව්ව බ්ලොග් කරන්නයි හදන්නෙ.
ලොකු ලොකු පොරවල්ස්ල ලියන්ව දැක්ක ඔය හැට කෝටියක් විතර සින්ඩි වල (බ්ලොග් වල තමා ලියන්නෙ දැක්කෙ සින්ඩි වලනේ :ඪ් ). ගේමක් දීල බලමු කියල හිතුන එව්ව දැක්කහම.
බල්ලෙක් හරි මේපැත්තෙන් බලාගෙන ගියොත් මොනව හරි ලියල පලයල්ල. කොමෙන්ට් හිඟාකන්නෙ නෑ බොලව්. නොලිය ගියා කියල මම ලියන එක නවත්තන්නෙත් නෑ.